Friday, October 29, 2010

නොනිමි 2010


සීවලී මධ්‍ය විද්‍යාලයීය ජීවනාලිය ලෙස සැලකෙන සීවලී විද්‍යා අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විද්‍යා දින උළෙල මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
27 වන බදාදා දින විද්‍යා දින උත්සවයට සමගාමීව විද්‍යාත්මක පරීක්ෂණ සහ තවත් බොහෝ දේ ඇතුලත් ප්‍රදර්ශනයක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැතුවුනි. විද්‍යා සිසුන් ඉතා වෙහෙස මහන්සියෙන් යුතුව සංවිධානය කරන ලද එම ප්‍රදර්ශනයට අවට පාසල්වලින්ද ඉතා ඉහල ප්‍රතිචාර ලැබුණු අතර විශාල සිසුන් සංඛ්‍යාවක් එය නරඹනු දක්නට ලැබුණි.
නොනිමි 2010 විද්‍යා දිනය 29 වන සිකුරාදා දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි ඉතා විශාල දෙනෙකුගේ සහභාගීත්වය යටතේ පැවැත්වුණි. විද්‍යාලයීය පිවිසුම, ප්‍රධාන ශාලවේ පිවිසුම, වේදිකාව සහ ශාල අභ්‍යන්තරය ආදී සියලුම ස්ථාන සිත් ඇඳගන්න සුලු අන්දමෙන් සරසා තිබුණු අතර බොහෝ දෙනෙකු එයට ප්‍රශංසා කරනු දක්නට ලැබුණි.
පෙරවරු 8 30 ට පමණ ආරම්භ වූ විද්‍යා දින උළෙලේ කළු සුදු යන තේමාව යටතේ ඉදිරිපත් කරන ලදි. එහිදී ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥ ඇල්බට් අයිස්ටයින් සීවලි විදුහල හා සම්බන්ධව සිදු කරන රහස් ව්‍යපෘතියක් නරඹන්නන්ට හෙලි කරන ලදි.
සීවලීයයන් විසින් නිපදවා කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව හරහා එවේලේම ඇල්බට් අයින්ස්ටයි නම් වූ ඒ මහා ප්‍රාඥයා සම්බන්ධ වූ අතර එතුමන් තමන් විසින් රහසිගතව නිපදවන ලද කාල තරණ යන්ත්‍රය පිළිබඳව හෙළි කර එය වැඩි දියුණු කිරීමට හා පරීක්ෂා කිරීම සඳහා රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය තෝරාගත් බව පැවසීය. ස්වල්ප වේලාවක් එසේ නරඹන්නන් හා සම්බන්ද වී සිටින විට එක්වරම එතුමන්ට පිටුපසින් වූ යමක් පුපුරනු දක්නට ලැබුණු අතර එවිටම වාගේ සම්බන්ධතාවය ගිලිහුණි. තවත් එක් නිමේෂයකින් සුර දූතිකාවක් මතුව විත් විද්‍යාවේ හොඳ හා නරක පිලිබඳව නැතහොත් කළු සුදු පැතිකඩ පිළිබඳව හෙලි කරන සුරයන්ගේ ලෝකය වෙත රැගෙන යන ලදි.
එතැන් පටන් විද්‍යා දින උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් නැටුම්, ගැයුම් , වැයුම් හා නොයෙකුත් අංඟ මධ්‍යයේ ඉතා සාර්ථකව පැවැත්වුණි. එමෙන්ම සීවලී ආදි ශිෂ්‍යායෙකු වන විශේෂඥ වෛද්‍යතුමෙකු විසින් ලංකාවේ සර්පයන් පිලිබඳව නරඹන්නන්ව දැනුවත් කරන ලදි.
වැඩසටහන අවසානයේ ඇල්බට් අයින්ස්ටයි විද්යාඥයාගෙන් හඬ පණිවිඩයක් ලැබුණු අතර එහි සඳහන්ව තිබුනේ ඔහු ස්වභාවධර්මයට එරෙහි නොවන බවද එහෙයින් කාල තරණ යන්ත්‍රය හා ඒ පිළිබඳ සියලු දත්තයන් විනාශ කරන ලද බවත්ය. ඒ වනවිට එතුමන් අප ජීවත්වන කාලය හැර ගොස් තිබුණි. එවිට නැවත්තත් මතුවන සුර දූතිකාව සියලුම සීවලී දරුවන්ට සුභ පතා ලොවට වැඩක් වන ආකාරයට විද්‍යාව හසුරවන ලෙස ආයාචනා කොට නැවත්ත පියවි ලොවට රැගෙන ආවාය. එ ඉන්පසු විද්‍යා දින උළෙල අවසන් විය. අවට පාසල් රැසකගේද උණුසුම් සුභ පැතුම් ලැබුණු අතර සියලු දෙන තේමාව පිළිබඳව සංවාදයේ යෙදෙනු දක්නට ලැබුණි.

No comments:

Post a Comment