Tuesday, September 28, 2010

නව ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීම

85 - 95 සීවලී ආදි ශිෂ්‍ය සංගමය මඟින් සීවලී සියවසට සමගාමීව ඉදි කරන ලද ප්‍රේක්ෂකාගාරය 2010 සැප්තැම්බර් 28 දින 85 - 95 ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් හා හිටපු විදුහල්පති හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගුණතිලක මැතිතුමන්ගේ හා විදුහල්පති කේ කේ පී ආරියසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ වගයි. ඒ සඳහා තම දායකත්වය දැක්වූ සියලුම සීවලි ආදි ශිෂ්‍යයන්ට අපගේ හදපිරි ස්තූතිය!
මෙදිනම විද්‍යාලයීය ආචාර්ය උපුල් ගාමිණී මහතා විසින් තම සැප්තැම්බර් මස සම්පූර්ණ වැටුප සීවලී සියවස් පිහිණුම් තටාකය සෑදීමේ අරමුදලට පිරිනැමීමද, අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තම මුදල් කැටය එම අරමුදලටම පිරිනැමීමද සිදු කරන ලදි.

Saturday, September 25, 2010

සීවලී සියවස් සැමරුම් පිහිණුම් තටාකයට මුල් ගල් තැබීම

මිණි දෙරණ සිළුමිණ සීවලී මධ්‍ය විද්‍යාලයට එකසිය එක්වස් පිරෙන අද දින ( 2010/09/25 ) සියවස් සමරු පිහිණුම් තටාකයට උදෑසන 7:50 ට වූ සුභ නැකතින්, විදුහල්පති කේ.කේ.පීආරියසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබුණු වගයි. ඒ සඳහා සියලුම සීවලියන්ගේ උණුසුම් සුභ පැතුම් මෙසේ පුද කරමු!